Friday, May 30, 2014

තවත් බ්ලොග් අඩවියක් " The null device "

ජවිපෙ 88-89 භීෂණ සමයේ කල ඝාතන ගැන සමාව ගනියි 

 

88-89 භීෂණ සමයේ සිද්ධ වූ ඝාතන 6000 කට ජවිපෙ විසින් සමාව ඉල්ලු බව පළවේ. හරියටම ප්‍රකාශය දුටුවේ නැති අතර එය කලේ ප්‍රසිද්ධ රූපවාහිනියේ  හෝ පුවත්පත් නිවේදනයක් ලෙසද නැතිනම් තමන්ගේ පුද්ගලික රැස්වීමකද කියා දන්නේ නැත. කිනම් පදනමක කල දෙයක් වුවත්, ජවිපෙ ඝාතන ගැන විවේචනය කල කෙනෙකු හැටියට මේ ගැන මගේ ප්‍රසාදය හිමිවේ. අඩුම වශයෙන් ජවිපෙ නායකයා පඩත්තල කමට ඒවා සාධාරණය නොකරන විචාර බුද්ධියෙන් එම කරුණු විමසා බලන කෙනෙකු ලෙස මෙයින් හඳුනා ගත හැකිය. ගොනාට අන්දාගත් ආගමික පාක්ෂිකයන් රන්චුවකගේ කල්ට් එකක් කියන තැනින් විතැන් වී ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් කියන දිහාවට එන ගමනට මේ විචාර බුද්ධිය වැදගත් වේ.
එහෙත් වඩාත් වැදගත් කාරණය 88-89 කල ඝාතන ගැන කරන සමාව ගැනීම නොවේ. ඇත්තෙන්ම එහෙම සමාව ගන්නා සම්ප්‍රදායක් ලංකාවේ තිබී නැත. [ඒ අනුව මෙය එවැනි දෙයක් දුටු පළමු අවස්තාව ලෙසද හැඳිනිය හැකිය]. එහෙත් වඩා වැදගත් වනුයේ එබඳු වනචාරි ක්‍රියා දෙසට යලිත් තල්ලු වී යාමට එරෙහිව තම සාමාජිකත්වය රිහැබිලිටෙට් කරවා ගැනීමයි. 88-89 සොරි කියා ලොක්කා කියද්දී වරෙවූ ධනපතියාගේ කැවුත්ත කන්න කියන පාක්ෂික ප්‍රජාවක් සිටීනම් ඒ සමාව ගැනීමේ පලක් නැත.

කියවන්න

http://slash-dev-slash-null.blogspot.com/2014/05/88-89.html 

බ්ලොග් එකට පිවිසෙන්න

http://slash-dev-slash-null.blogspot.com/ 

Tuesday, May 27, 2014

තවත් ශාස්ත්‍රීය බ්ලොග් අඩවියක් "ප්‍රතිවාදියා"

බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ප්‍රතික්ෂේප කිරීම කාන්තාවන්ට අපහාස කිරීමක්ද? 

 අද කාන්තා අයිතීන්, ස්ත්‍රී නිදහස, කාන්තා විමුක්තිය ආදී වදන් වැකි හතරවටින් ඇසෙයි. එහෙත් මේ කරුණු කාරනා වල සාධාරණ හා ප්‍රායෝගික බව කුමක්දැයි සොයා බැලීමටනම් එක් පසෙකින් මේ සංකල්ප වලට පසුබිම් වන බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ගැනත් මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය හා ඊට සමගාමී ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන මෙන්ම ඒ වටා ඇති සමාජමය ගොඩනැගීම් ගැනත් කෙටි විමසීමක් කළයුතුයි. අප මේ මාතෘකාව ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමට තීරණය කළේ අන් කිසිදු හේතුවක් නිසා නොව අද බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයේම එක් ප්‍රධාන සංරචකයක් වන කාන්තා විමුක්තිවාදය ලොව සෑම රටකම කාන්තා සමාජයටත් පොදුවේ සමස්ථ ජන සමාජයටත් බලෙන් පැටවෙමින් එය මුලු සමාජය තුලම ලිංගිකත්වයට අදාල පොදු මතය බවට බලහත්කාරයෙන් පත්වෙන්නට දරන උත්සාහය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. 
                      මෙය වර්තමානයේ අපේ රට තුල කොපමණ දුරදිග ගොස් ඇත්ද කිවහොත් බටහිර කාන්තා විමුක්තිවාදය විවේචනය කිරීම හෝ එයට එරෙහි වීම සමස්ථ කාන්තා සමාජයටම එරෙහි වීමක් හා කාන්තාවන්ට අපහාස කිරීමක් ලෙස පෙන්වීමට මේ මතයේ අන්ධ අනුගාමිකයින් උත්සහ කරන තත්වයක් උද්ගතව ඇත. මේ පිරිස අතලොස්සක් වන බැවින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල බලපෑමක් නැතැයි කෙනෙක් කිවහැකි වුවත් බටහිර මතවාදී ආක්‍රමණය, මෙරට බටහිර අනුකාරකයන් ගොඩනගාගෙන තිබෙන සමාජ බලය, දූෂිත දේශපාලනය, දූෂිත ජනමාධ්‍ය හා බටහිර මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයේ මෙරට නියෝජිතයන් වන රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් බලය යන සාධක හමුවේ එම අතලොස්ස බහුතර සමාජයේ මොළ හේදීමේ ක්‍රියාව දිගින් දිගට කරගෙන යනු ලබයි. එලෙසම ඔවුන් අඟවන්නේ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය සමස්ථ ලෝකයට පොදු මතයක් බව හා බටහිර රටවල් කාර්මීකරණයත් සමග පාරිසරික ආර්ථික හා සමාජමය වශයෙන් වෙනස් වූ ආකාරය මුලු ලෝකයම නුගමනය කළයුතු බවකි. බටහිර කාන්තා විමුක්තිවාදයේ මේ අන්ධ අනුගාමික රැල අදවනවිට මේ මතය සෙසු සමාජයට පටවන්නේ මහත් උද්දච්ච ලීලාවකිනි. එමෙන්ම කාන්තා විමුක්තිවාදය විවේචනය කරන ඊට එරෙහි වන පිරිසට ඔවුන් විවිධාඅකාරයෙන් ආක්‍රෝෂ පරිභව කරන්නේ ඔවුන්ට එරෙහි වන්නන් කාන්තා විරෝධීන් ලෙස හඳුන්වමිනි. බටහිර කාන්තා විමුක්තියේ ඇති සාධාරනත්වය, මෙරට සමාජය ගැන සැලකීමේදී කාන්තාවන්ගෙන් කොපමණ පිරිසකට බටහිර කාන්තා විමුක්තිය අවශ්‍යද යන්න හා කාන්තාවන්ට ඇතැයි කියා මොවුන් කියන ඊනියා කාන්තා ප්‍රශ්න වලට මේ කාන්තා විමුක්තියෙන් නිර්දේශ කරන පිළියම් ගැන ඒනිසාම අප විචාරවත් ලෙස විමසා බැලීමක් කළයුතුය.

 

කියවන්න

http://prathiwadhiya.blogspot.com/2014/05/blog-post_26.html

බ්ලොග් අඩවියට පිවිසෙන්න

http://prathiwadhiya.blogspot.com/ 

 

 

 

Saturday, May 24, 2014

"ඇසි දිසි මානය" විචාරශීලී බ්ලොග් අඩවියක්

නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකරයි



ඉන්දියාවේ අභිනවයෙන් අගමැති ධූරයට පත්වන

 නරේන්ද්‍ර මෝඩි 

සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ

 බලාපොරොත්තු පළකොට
 
තිබේ.

ඊයේ දිනයේ ඉන්දියානු මහා මැතිවරණ ප්‍රතිපල නිකුත්

 වීමත් සමඟ

 දුරකථනයෙන් නරේන්ද්‍ර මෝඩි ඇමතූ ශ්‍රී ලංකා

 ජනාධිපති මහින්ද

 රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ නරේන්ද්‍ර

 මෝඩි වෙත සිය 

සුබ පැතුම් එක්කොට තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට

 නිල සංචාරයක්

 සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිතුමා විසින්

 නරේන්ද්‍ර මෝඩි වෙත 

ආරාධනා කරනු ලැබුණි. මේ බව ජනාධිපතිතුමාගේ

 නිල ට්විටර් පිටුව

 හරහා නිවේදනය කෙරිණ.



කියවන්න




Wednesday, May 21, 2014

"සමාජ සුභසාධක" ශාස්ත්‍රීය බ්ලොග් එකක්

මෝඩ කමට බේත් නැද්ද 

 පසුගාමී මානසිකත්වයන් භංග වේවා
විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂන ගැන මම දාපු කොමෙන්ටුවකට කෙනෙක් විහිලු කොමෙන්ටුවක් දාල තිබුන.සමාජවාදය ගැන කතා කරන එවුන් තුල සම සාධාරණ හැඟීම් නැහැ.උන් ධනපතියන්ටත් අන්තයි.ඉන්දියාවෙ හා ලංකාවෙ සමාජවාදය ගැන කතා කරන අය ඇත්තටම සමාජවාදීන් නොවන්නාක් සේම උන් වෙනත් හීනමානයක් වසා ගන්නට කරන රඟ පෑමක් පමණයි.මම මෙහෙම කියන්නෙ අත්දැකීමෙන්.


ඇත්ත කතාව මේකයි මුන්ව අරුන් ගනන් ගන්නෙ නෑ.මුන්ට පහල එවුන් එක්ක ඇයි හොදයියකට මුන් කැමති නෑ.මුන්ට ප්‍රශ්නෙ අරුන් මුන්ව ගනන් නොගැනීම.යූ ඇන් පී පවුල් වල කොල්ලො කැම්පස් එකේදි ජේවීපී වෙන්නෙ ඔය නිසයි.ගමේදි උන්ගෙ තාත්තල යූඇන්පී මහ රාළහාමි එනකොට ලේන්සුව අතට ගන්නව.මුන් බයේ හැංගෙනව.මුන් ලොකු වෙලා කැම්පස් ආවම මුනුයි රාලහාමිගෙ ළමයිනුයි එකට ඉන්නෙ.මුන් ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගෙ.ඊට පස්සෙ ජේවීපී කරනව.ඒත් සම සාධාරණ හැඟීම මුන්ගෙ ලේවල නෑ.එළියට ඇවිත් හදන්නෙ බමුණු කුලයක් හදන්න.
අජිත් කියපු ඉන්ජිනේරුවන්ට රදලන් හෝ ධනපතියන් වෙන්න හැකියාවක් නෑ.උන්ට පුළුවන් විදියට ජනතාව පෙළනව.
අපි කළ යුත්තේ ගැඹුරු විශය කරුණු ඉගැන්වීමට වඩා සම සාධාරණ හැඟීම ජනතාවට ඉගැන්වීමයි.ගැඹුරු ලෙස විශය හැඳෑරීම අවශ්‍යයි.පුද්ගලිකව මටත් අවශ්‍යයි.අජිත් ගෙ බ්ලොග් එකෙන් මම යම් ඉගෙනගැනීමක් කරනව.ඒ ගැන ස්තුතියි.
 කියවන්න
http://subasadhaka.blogspot.com/2014/05/blog-post_19.html

බ්ලොග් එකට පිවිසෙන්න
http://subasadhaka.blogspot.com/ 

Sunday, May 18, 2014

තවත් අළුත් බ්ලොග් එකක් "පකිස් පෙට්ටිය"

ඌට වේවැලක් තිබේ 

 මීට වසර ගණනාවකට ඉස්සර සිළුමිණ පත්තරේ ගැමි රස කතා කියලා හරි අපූරු කතා පෙලක් පළ වුනා මට තවම මතකයි. ඒ කතා වලට මුල් වෙලා තිබුණේ ගම් වල වෙච්චි රසවත් හාස්‍යජනක සිද්ධි. ඉතින් මේ කතාවත් මගේ මතකයේ රැඳුනු එකළ සිළුමිණ පත්තරේ පළවුන රසවත් කතාවක්. ඔන්න මෙහෙමයි සිද්ධිය.
               මෙය  එක්තරා ගම්බද පාසලක සිදුවූවකි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි විදුහලේ පහල පංතියක සිංහල භාශාව උගන්වමින් සිටි ගුරුතුමිය ළමයින්ට කපුටා ගැන වාක්‍ය රචනාවක් ලියන්නට කියා ඇත. ළමයින් සියලු දෙනා මහත් උනන්දුවෙන් එම කාර්‍ය කළෝය. වැඩේ අවසන් වූ පසු ගුරුතුමිය ළමයින්ගේ පොත් පරික්ෂා කර බලමින් ළමයින් ලියා තිබූ රචනා ඇගයීමකට ලක්කර අඩු පාඩුද පෙන්වා දෙන්නට විය. ගුරුතුමිය ළමුන් ලියූ රචනා වල පොදුවේ දුටු අඩුපාඩුවක් වී තිබුණේ "කපුටා කළුයි", "කපුටාට හොටක් තිබේ", "කපුටාට අත්තටු දෙකක් ඇත" යනාදී වශයෙන් සෑම තැනම කපුටා යන වචනය යෙදී තිබීමයි. ඒ ගැන සිය අවධානය යොමුකළ ගුරුතුමිය සිසු දරුවන් අමතා කියා ඇත්තේ එලෙස කපුටා යන යෙදුම ඕනාවට වඩා වැඩි වාර ගණනාවක් එක දිගට යෙදීමෙන් රචනාව තරමක් නීරස වන බවත් ඒ වෙනුවට "ඌ", "උගේ" ආදී වචන ගැලපෙන ලෙස යොදාගතයුතු බවයි. පංතියේ ළමුන් සියලු දෙනාද ගුරුතුමිය පෙන්වාදුන් මේ අඩුපාඩුව හොඳින් තේරුම්ගත් බවක් ද පෙනෙන්නට තිබුණි.

කියවන්න

http://pakispettiya.blogspot.com/2014/05/blog-post_17.html 

 

බ්ලොග් එකට පිවිසෙන්න

http://pakispettiya.blogspot.com/ 

 

Friday, May 16, 2014

"sAm cReations | සෑම්ගේ කතාව" තවත් ජනප්‍රිය බ්ලොග් එකක්

අද නම් ඇරලා.. - Its Open Today !! 

 

ඉවසුවා..
පෙරේදා...
වගෙම ඊයෙත්..


සෙට්වෙලා..
හිටියා..
වෙසක් බලන්නට හිතන්..
 කියවන්න
 http://samindikasrimantha.blogspot.com/2014/05/its-open-today.html 

බ්ලොග් එකට පිවිසෙන්න
 


Wednesday, May 14, 2014

තවත් බ්ලොග් එකක් "බණ්ඩාගේ විත්ති"

  කාලය කෙතරම් නපුරුද

එදා
ඇය හා මා විඳි
ප්‍රේමය...

අද
ඇය ඔහු හා  විඳිද්දී...

මම
ප්‍රේම කරමි 
‍ඊරිසියාවට හා තනිකමට
 කියවන්න
http://bandarammsl.blogspot.com/2014/04/blog-post_30.html 

බ්ලොග් එකට පිවිසෙන්න
http://bandarammsl.blogspot.com/
 

Sunday, May 11, 2014

"මීදුම"

 දෙසතියක සිති - වලි





සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද ගෙවිලා ගිහින් මැයි දිනය බ්‍රහස්පතින්දා තිබුනා. කියවන ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ දෙකේ තියෙන සම්බන්‍ධය කියලා. මම මේ දෙකම දැක්කේ අරමුණු වලින් වෙනස්ව ගමන් කරන උත්සව දෙකක් හැටියට.
සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද  අපේ සංස්කෘතිකාංගයනට එකතුවුනේ කෘෂිකාර්මික ජීවන රටාවේ අස්වනු ගෙට ගෙන ඊලග කන්නයට සුදානම් වෙන්න ගත්ත පුංචි විවේකයක් ලෙසටයි. මේ විරාමය එක්තරා විදියකට සංක්‍රාන්ති සමයක්.
අප්රේල් මාසේ පටන් ගන්න “බක්මහ වැස්සට පෙර අස්වනු නෙලා ගෙන ගෙට  ගෙන බක්මහ වැස්ස තුරල් වෙන වෙසක් මාසේ දක්වා ගොවිතැන් කටයුතු වලට විරාමයක් ලැබෙනවා. අතමිට සරුවී අටු කොටු පිරවුන මෙ වකවානුවට ජ්‍යොතිශ වැදගත් කමක් ඇති සිද්ධාන්ත කිහිපයත් එකතු කරගෙන අළුත් අවුරුද්ද කිසියම් රටාවකට පිලිවෙලක් ගන්නවා. පරණ අවුරුද්දේ කරගෙන ආ වැඩ රාජකාරි නැකතකට අනුව අත්හැර දාලා සූර්යා මීන රාශියෙන මේෂ රාශියට පැමිණියායින් පසු නැවතත් අක්හරින ලද වැඩ රාජකාරි ආරම්භ කරනවා.
අද අපේ රටේ කෟෂිකාර්මික ආර්ථික රටාවක් නැහැ. හාම්පුතුන්ට තම ශ්‍රමය  කඹුරා මාසේ අන්තිමට සොච්චමක් අතට ගන්න ආර්ථිකයකට හුරුවෙලා තියෙන්නේ. මේ සොච්චම මාසේ අන්තිමට නැත්නම් මාසේ දහවෙනිදාට ලබා ගන්න පිරිසකුත් ,  දවස ගෙවෙන හැන්දෑ යාමයට අතට කීයක් හරි මිට මෙලවෙන  විශාල පිරිසකුත්  සිටින රටට උරුම වෙලා තියෙන්නේ එදා වේල ආර්ථිකයක්. 

කියවන්න
http://miduma.blogspot.com/2014/05/blog-post_7382.html

බ්ලොග් එකට පිවිසෙන්න
http://miduma.blogspot.com/ 

Friday, May 9, 2014

"සමකය වටේ"

සතිපතා පළවන පැරැණිතම සිංහල පුවත්පත ඥානාර්ථ ප්‍රදීපය 

 

 ආරම්භය 1866 ජුනි 07
අදට වසර 148කට පෙර 1866 ජුනි මස 07 දින පීටර් ඉලාරි පියතුමාගේ අධ්‍යක්ෂකත්වයෙන් හා ජුවාන් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් ඇරැඹි ඥානාර්ථ ප්‍රදීපය දැනට ශ්‍රී ලංකාවේ පළවන පැරැණිතම සතිපතා පුවත්පතයි.


1866 ජුනි මස 7 වැනි දින ඥානාර්ථ ප්‍රදීපය මුල්ම පුවත්පත

වසර 148ක් සිංහල ජාතියට, සිංහල භාෂාවට, සිංහල සාහිත්‍යයට, සිංහල සංස්කෘතියට ඥානාර්ථ ප්‍රදීපයෙන් කළ සේවාව අතිමහත්ය. වසර 100ක් නොකඩවා පළවු එකම දිනපතා පුවත්පත දිනමිණ පුවත්පත 1909 ඇරැඹි අතර එය 1915 සිංහල මුස්ලිම් කෝලහල අවදියේ මාස කිහිපයකට නැවතී නැවත ඇරැඹිය.
ඥානාර්ථ ප්‍රදීපය වසර 1866 ජුනි මස 07 දින ඇරැඹි අදට වසර 148ක් නොකඩවා පළවූ සතිපතා පුවත්පතක් වූ මෙය එක් අවස්ථාවකදී පමණක් 1869 කලාප කිහිපයක් පලකිරීමට නොහැකි වී ඇති බව වර්තමාන ඥානාර්ථ ප්‍රදීපයේ කර්තෘ සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පවසයි.
මුලින්ම ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මුද්‍රණ කරුත් කර්තෘත්වූයේ කොළඹ මෝදර පිෂර්ස් හිල් හි නොම්මර 47 දරන නිවසේ විසු ජුවන් ප්‍රනාන්දු මහතායි.

කියවන්න
http://samakayawate.blogspot.com/2014/05/blog-post_8.html 

බ්ලොග් එකට පිවිසෙන්න
http://samakayawate.blogspot.com/ 
 

Wednesday, May 7, 2014

"වැවු ඉස්මත්ත"


"කුලහීනයා"


''ලොකු දුව උඹට ඉල කැඩෙනකං කියල තියෙනව අර... අර කම්මල් කාරයත් එක්ක තියෙන පලහිලව්ව නතර කරන්ඩ කියල.......උඹල හදන්නෙ අපෙ මූණෙ දැලි ගාන්ඩද?  මහ  මිනිහ එහෙම දැන ගත්තොත් විසුමක් වෙන්නෑ....... උන් කවුද ......අපි කවුද.....ලැජ්ජාවක් නැද්ද  ලලිතා...? ඔය ඕකුන්ගෙ මහ එකා ඒ දවස්වල උඹලෑ  අප්පොච්චි දකින කොට ආ පුංචි මහත්තයා කියල සුම්බරේ අතට අරං හතරට පහට නැමිච්ච උං......ඔය කම්මල් කාරයින්ට අපෙ පවුල් පෑහෙන්නෑ ලලිතො...''


'' අනේ අම්මෙ මේ උදේ පාන්දරම අම්මට මොනව වෙලාද...මේ..මේ කුල මල ගෝත්තරේ ඇදගෙන  ලැජ්ජ නැද්ද අම්මෙ...පාරෙ යන මිනිස්සුත් හිනා වෙනව....." අතුගගා හුන් ලලිතා ඉදල මුල්ලකට විසි කර ගෙතුලට ගියාය.



" ඔව් ඔව්....පාරෙ යන මිනිස්සු හිනා වෙනව....ඒක තමයි උඹට තියෙන අමාරුව..බලා හිටිං.....!.අනේ.... හපොයි..!මෙහෙම ගියොත් අපිට දොට්ට පිළට බහින්ඩ වෙන්නෑ....මේ පරට්ටි කරන අසමජ්ජාති වැඩ හිංද........"



මුළු ගෙදරම හෝරාවක් පමණ වේලාවක් මහා නිහඩ බවකින් වෙලා ගත්තීය.මල් මල් ගවුමකින් සැරසුණු ලලිතා එලියට බැස්සාය.
කියවන්න
http://wewismatha.blogspot.com/2014/05/blog-post.html 

බ්ලොග් අඩවියට පිවිසුම
http://wewismatha.blogspot.com/ 

Thursday, May 1, 2014

"කඳු"


‘‘මගේ අම්මා ඉරාමනාදර් රාසම්මා. තාත්තා අයයම්පිල්ලේ ෂන්මුගම්පිල්ලේ. ඒ දෙන්නම දැන් ඉන්නේ වන්නියේ. අවු.76ක් තරම් වයස ඔවුන්ට යුද්ධය කොයිතරම් පීඩනයක් කරලා ඇද්ද කියලා හිතා ගන්න බෑ. බේත් හේත් නැතිව, මුදල් නැතිව පිළිසරණක් වන්නට යුද්ධය ඉඩ දෙන්නේ නැහැ. යුද්ධය විසින් අපව ඈත් කරවලා..''(2000, දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සළකුණ – ජෙයපාලන් කෘතියෙන්)

කියවන්න
http://amaleymunasinghe.blogspot.com/2014/05/blog-post_5986.html

බ්ලොග් අඩවියට පිවිසුම